සතුරු කවියෙකු සිටී මට



සතුරු කවියෙකු සිටී මට
මුනිවරෙක් සේ නිස්සද්ද
මර උගුල් අටවන
නමුත් නිහඩව කවි ලියන
කවියෙක්නෙ, සතුරෙකු උනත් මට


උවමනා  නැහැ
සතුරු කවියෙකු තවත්  මට
ඉඩෝරෙන් මා පෙළන
නැවත තෙත් වැසිව, ඉහිරෙන
අසිපතින් හද සිඳින
කිනිස්සෙන් ඉරි අඳින
කවියෙකු හිදී
මා තුළම


සතුරු කවියෙකි මා තුලම
තෙවැනි ලොව යුධවදින
නුතනම අවි දරන
ඔහු මඩින
කවි දරමි රස හඬන
තනි තනිව මා විඳින
කවි දරමි රස හඬන


2 comments:

  1. කවියෙකුට සතුරු විය හැකිද
    කිසිවෙකුට..???
    වෙසෙසින් ම
    එවැනිම තවත් කවියෙකුට..???

    ReplyDelete
    Replies
    1. සොශියර්ට අනුව පුළුවන් ඇති වැසි දැරිය .....එත් පෙරදිග අපට ඒක හුරු නැහැ වැසි දැරිය

      Delete