මධ්‍යම කඳු බඳ එතෙන මිනිසෙක්මි



සද එළිය දරුණු දා
මද්‍යම කදු බදේ
එතෙන මිනිසෙක්මි

මධ්‍යම කදුකරය
ඔබෙන් මිදී
නිදහස් වෙන්නයි
මගේ මේ වැයම
ඔබ කෙරෙහි ලෝබයකි
ඔබ කෙරෙහි ප්‍රේමයකි
කවිය හා මා මෝදු කළ සිත
ඔබ කෙරෙහි පවතීවි සැම දින
ඉන් මිදී මා නිදහසින් සිට
එක්තරා දිනයක් ය ඉන් පසු
ඌව මායිමේ සබරගමු සරසවියෙ සිට
හාගල කදු මුදුන හදඑළිය එක්කලා
අමුතු ලෝකයකි ඉරට තනනු බැරි
හද එක්ක එකතුවෙන් ඉර සදපු

දෙතනගල කදු මැදින්
මුලු හද ම කෝලම්
මහවලතැන්න සානුවම මා එක්ක
ඒ වටේ කැරකෙමින්

බයිසිකලයෙ පුන්චි හීතලේ
සිරිපා කදු බද වෙතට
තුරුල් වෙන්නයි
ඈතින් මහ කදු වන පෙත
මෑතින් තේ වතු කදු ගැට
ගලා හැලෙන දිය කදුරින

දෙය්යනේ ලස්සන
මන් තට්ට තනියම
කාට කියන්න ද
කොහොම රකින්න ද
හැමදිනට මේ සොදුර

ඔබ කෙරෙහි ඇලෙන සිත
ගලවමින් මෙකවියෙන්
කෙලෙස් මළ පහවන්ට
මල් සුවද පතුරවමි

සතුර සතරාගෙන්ම
නසන්නට ඉගෙනගමි

ලස්සනම ලස්සන ලෝකය
දිගම දිග රිටකිනුත් නාල්ලන
උවැසි තෙම
දුකින් මිදෙන වෙහෙස මැද්දේ
කවියා මම
දෙමග වෙසෙන

මධ්‍යම කදුකරය
ඔබ වටේ ඇවිදීම පුරුදු කළ මිනිසෙක් මි
මධ්‍යම සිහිනයේ
තව ද මැදියම් රැයේ
සැරිසරන්නා වෙමි

සද එළිය දරුණු දා
මද්‍යම කදු බදේ
එතෙන මිනිසෙක්මි

7 comments:

  1. හාගල කඳු පාමුලට සදහටම පායන සඳක් වනු මැන....

    ReplyDelete
    Replies
    1. අපි වඩාත් හොඳින් දීප්තිමත් වෙමු. කොතැනක සිටියත්...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. හදට එබී හඳට කතා මුමුණන්නට...
    රළට උඩින් සුළං සමග මුහුවන්නට...
    වනය අතර තුරු මුදුනක ලැග ඉන්නට...
    දොරටු විවර වේවා කවි සිත් බඳින්ට...

    ReplyDelete
  3. Replies
    1. වැසි දැරියත් මේ දවස්වල ලස්සන ම කවි ලියනවා

      Delete