අනේ වසින වැසි මද පොද...රාස්සිගේ අව්ව අස්සෙ

අව්ව බදාගත් පින්නක්

හැන්දෑවට අරං එන්න

රිදී ලොවක් සඳ පානක්

හැන්දෑවට වඩමවන්න


කඳු පෙනේවි මීදුම්බඩ

යාන්තමට ඉස්සීලා

අහස චූටි රේඛාවක්

කඩ ඉරකින් වෙන්වීලා


පහළ නිම්න කඳු මැද්දේ

ගංගාවට උඩින් එන්න

හැමි බිඳකම පිනි පුරෝන

ඉර එළියට කැඩපත් වී


අන්න පුළුන් වළා කැටින්

දුම් ගොබයට කැලතෙනවා

රිදී වැස්ස ඉර හඳ වී

හැන්දෑවම එකලු වෙනවා


සොඳුරිය ඔබ මින් පෙර දින

දුටුවේ නැහැ වන පියසෙහි

අනේ වසින වැසි මද පොද

දෝතට ගමි සිනා සිසී

එළිය


පිල්කඩේ හාන්සිව සිටිමි
එළිය අරගෙන අඳුර
ඔබ එන්න

ඇස කියන්නෙම ලෝකයක් අඳ කළ වස්තුවක්
නොදල්වාලමි
මේ හැන්දෑව දැල්වෙන්න පහනක්
අඳුර ලෝකයට කළුවර පහනක්
බොහෝ දේ පෙනෙන්නට පටන් ගන්නා මොහොතක්
එකෙකුට එකෙක් නොපෙනෙන
මරු වලවල්වලම වට්ටන
ඉර එක්ක ආපු අඳුරක්

ඉර එලිය සඳ පහන හා ගෙදර රෑ පහන
කවියකදී නිතරෝම උසුරුවන මිණි පහන
ඒ සියලු එළිය ගෙන අඳුර හා හාදවන
මට මගේ ලෝකය ම අඳ කරන උපාය ය

ඍජුව මා මේ කවිය ලිවිය යුතු කරුණක් ය
වටේ ගොස් රවට්ටා මේ බොරුව තව බැරිය
වක්‍ර කවි මාර්ගය මේ මොහොත අසරණය
ඍජු ව මා ඉර එළිය තවත් එළි හළ යුතු ය

මිතුර ඔබ මේ කවිය තවත් කියවනු පිණිස
දෑස හෝ එළි පෙහෙළි කරගෙනය උදව්වට
පිල්කඩේ හාන්සිව නොදල්වා කිසි එළිය
හැන්දෑව හා සමඟ අඳුර පැමිණිය යුතු ය

දිලීපය.. එකී කලවය


සොඳුර නිරාවරණය කරනු මැන
කලවයේ තේජස
ශක්තිමත් ම අස්ථීයෙන් ගොඩනැගි
සෞන්දර්යයේ මාංස කල්‍යාණිය

නතු කරන් ලොව සියල් බර
නෙත් පහන් වන දිලීපය
සුන්දරිය ඔබ ඔබේ කලවය
මුදා හළ යුතු කිරීටය

පි්‍රයාවන් මරු මුවෙහි ගිල්වා
කවියන් පුබුදාය රඹ කඳන් සේ මැ උවමින්
කලවය වඩිනු මැන
නිරාවර්ණව

නතු කරන් ලොව සියල් බර
නෙත් පහන් වන දිලීපය
සුන්දරිය ඔබ ඔබේ කලවය
මුදා හළ යුතු කිරීටය

පෙරඹරෙහි පෙළහර පාන
ශක්තියෙහි සුන්දරිය ඇය
දරා මහ බර ගතෙහි
පාන්නී ගැහැනියක ලීලය

නතු කරන් ලොව සියල් බර
නෙත් පහන් වන දිලීපය
සුන්දරිය ඔබ ඔබේ කලවය
මුදා හළ යුතු කිරීටය

දරු උකුල පිය හිසඟ ගනු පිනිස
මණ්ඩපය සේ මැ සැදි තොටිල්ලා
වසාලා මෑත් කර
ලොව වසඟ ලානා
කිරි බංඩි සේ මැ ගත
පුරාලයි කිරිල්ලා

නතු කරන් ලොව සියල් බර
නෙත් පහන් වන දිලීපය
සුන්දරිය ඔබ ඔබේ කලවය
මුදා හළ යුතු කිරීටය


ඵිරිමි හැර මෙහි වරෙව්
සකල සටනෙහි ශිල්ප ලා ගෙන
පයට බර දී සිටගන්න
නුඹට ලෝකය බාරය

කන්ද මං ඉන්නවා තනියම


බේරිලා අහසට
යනවා ද ඔයා මීදුම
මගේ ලස්සන සුදු කෙල්ල
දරා උහුලා මේ බර
කන්ද මං ඉන්නවා තනියෙම


ගඟ ගලන්නේ මා මත
වැසි වසින්නේ මා මත
මල් පිපෙන්නේ මා මත
ඔබ පවා
ළං වෙලා
ගුළි වෙවී
පැටලැවී
හිටියේ
මා ළඟ

බේරිලා අහසට
යනවාද ඔයා මීදුම
සුදෝ සුදු මීදුම

ගස් අතරින් නෙරි අතරින් හෙළි මැද්දෙන්
ටිකෙන් ටික ඇදෙයි අහසට
දැනෙනව ද ඔබට නිදහස
මගෙන් ගිලිහී
මගෙන් දුර වී
මා දකින විට

බොහෝ පෙම්වතුන් පවසාවි
හිතුනොතින් එන්නැයි නොවරදවාම
මම කිසිත් නොකියමි
ඒකයි වෙනස මා ළඟ
දරා උහුළා ගැනුමයි පුරුදු
කන්දක් වගේ කන්දක්නෙ මම

ඔබ ද මා රන් හංස ධේනුව
අවකාශ ජලාශේ රඟපාන විලාසේ
නබෝ ගැබ පිපි පිච්ච සිනාසේ
ඔබ පාවි සිනාසේ

නිහඬ මිනිස


ගංගා ගංගාව සේ ගලද්දී
මල මල් සේ පිපෙද්දී
ඔබ නිහඬය
ඔබ නිහඬය

විශ්වය අනන්තයෙ ගැටෙද්දී
සිතුවිලි සිතුවිලිය මවද්දී
ඇයි ඔබ නිහඬ
නිහඬ මිනිස

කුඩා දරුවන් නව ඇරඹුම් ගනිද්දී
රෝස අත්ලේ සමනලුන් වසද්දී
ඇයි ඔබ නිහඬ
නිහඬ මිනිස

සිය කවි සිරුර  සොබාදහම
ආත්මයක් හා අවදි කරවද්දී
ඔබ නිහඬය
නිහඬ මිනිස

ප්‍රියාවිය සිය ලලිත ගීතය
නිම්නයේ අත හරිද්දී
ඔබ නිහඬය

උන්වහන්සේ සමාධිය සිඹ
අර්හන්ත වන සේක්!
ඒත් ඔබ නිහඬය
නිහඬ මිනිස

ඇයට ලියූ කවි



සොඳුර මම කවි ලියමි ඔබ නමට පුද ලබන
එවන් මල් කුසුම් වූ පිබිදුනේ ඔබ නමට
විරහ ගීයක් වුවත් ලියවේය නිසැකවම
ඔබ සිටිද්දිත් මගේ ළයට තුරුළුව නිදන

අපි අපේ ප්‍රේමයෙහි දිග්විජය ලැබුවේය
එහෙත් ලෝ පෙම් පුවත් සොඳුරු නැත කිසි විටක
අපට හැකි වෙයිද විඳිනට තනියෙන්ම
උන් එහෙම දුක් අරන් වැලපෙද්දි ඉකි නැතිව

ඔබේ එක වේදනාවක් දෙන්න මට සුන්දරිය
ඒ වේදනාවෙන් කවි මුතු ය බිහි කෙරෙන
විරහ දුක් නැගෙන්නේ පෙම්වතුන් හමුවකය
අපි අතර ආදරය විරහවේ මුතු ඵලය

අප අතර අාලය ලෝකයට බෙදිය යුතු
නොමිනිසුන් මල් බවට පත් කරන් ගිය යුතු
මැරුනොතින් ඒ මඟදි හෙල්ලිලා ලේ කඳුළු
ප්‍රේමයේ හිස ඔටුනු අප සතුය සිත රැඳුනු

වැසි සමය 2020



වැසි සමය එළඹ ඇත හැම වෙසක් මහකම
ඒ සමය තෙමාලන කුණාටුත් පැමිණිය ද
හීනි පොද වැස්ස අස්සේ සැගැවෙන්න  සැගවෙන්න
කුඩා ලියුමක් අරන් එන්නේ ය පෙම්බරිය

නිල් අහස ඉල්ලලා මල් හඬන ගොම්මනේ
කෙල්ලක්ය අවි අරන් අඳුර නසනා රැයේ
පිම්මක්ය ජීවිතය පසුපසට ගත් පයේ
ඔබ පතන ලෝකයම තනන්නේ පැල්පතේ

ගංගා ගලා යයි දිය ඇලි පිරී යයි
ගිම්හාන කාලයම අමතකව සිනාසෙයි
මල් පිපීලා රොන් පුරාලා
කඳුකරය පිරිසිදුව දොවාලයි

මේ සියලු ලස්සනේ හිමිකාරී ඔබ තමයි
ඔබ තරම් ලෝකයක් ගොඩනගන යෙහෙකමයි
අලුත් කෙල්ලක් ලෙසින් පා නගනු පිණිසම යි
මා සිටින්නේ තදින් ඔබේ අතැඟිලි ගෙනයි

මධ්‍යම කඳු බඳ එතෙන මිනිසෙක්මි



සද එළිය දරුණු දා
මද්‍යම කදු බදේ
එතෙන මිනිසෙක්මි

මධ්‍යම කදුකරය
ඔබෙන් මිදී
නිදහස් වෙන්නයි
මගේ මේ වැයම
ඔබ කෙරෙහි ලෝබයකි
ඔබ කෙරෙහි ප්‍රේමයකි
කවිය හා මා මෝදු කළ සිත
ඔබ කෙරෙහි පවතීවි සැම දින
ඉන් මිදී මා නිදහසින් සිට
එක්තරා දිනයක් ය ඉන් පසු
ඌව මායිමේ සබරගමු සරසවියෙ සිට
හාගල කදු මුදුන හදඑළිය එක්කලා
අමුතු ලෝකයකි ඉරට තනනු බැරි
හද එක්ක එකතුවෙන් ඉර සදපු

දෙතනගල කදු මැදින්
මුලු හද ම කෝලම්
මහවලතැන්න සානුවම මා එක්ක
ඒ වටේ කැරකෙමින්

බයිසිකලයෙ පුන්චි හීතලේ
සිරිපා කදු බද වෙතට
තුරුල් වෙන්නයි
ඈතින් මහ කදු වන පෙත
මෑතින් තේ වතු කදු ගැට
ගලා හැලෙන දිය කදුරින

දෙය්යනේ ලස්සන
මන් තට්ට තනියම
කාට කියන්න ද
කොහොම රකින්න ද
හැමදිනට මේ සොදුර

ඔබ කෙරෙහි ඇලෙන සිත
ගලවමින් මෙකවියෙන්
කෙලෙස් මළ පහවන්ට
මල් සුවද පතුරවමි

සතුර සතරාගෙන්ම
නසන්නට ඉගෙනගමි

ලස්සනම ලස්සන ලෝකය
දිගම දිග රිටකිනුත් නාල්ලන
උවැසි තෙම
දුකින් මිදෙන වෙහෙස මැද්දේ
කවියා මම
දෙමග වෙසෙන

මධ්‍යම කදුකරය
ඔබ වටේ ඇවිදීම පුරුදු කළ මිනිසෙක් මි
මධ්‍යම සිහිනයේ
තව ද මැදියම් රැයේ
සැරිසරන්නා වෙමි

සද එළිය දරුණු දා
මද්‍යම කදු බදේ
එතෙන මිනිසෙක්මි