නොකියවන්න මෙ'කව








ධ්වනි නගන ධ්වනිය බිම හෙළමි
අලංකෘත අලංකාරය අතහරිමි
විරිත් මත් සියලු අනංගය
හී සරක් සේ  
අතහරිමි

උදානය තෙපෙලමි
නිදහස්ය
කවිය

ප්‍රිය සහෘදය
නොකියවනු මැන
මෙ'කව
කියවිය හැකිද
කවිය

මහද පිපුණු කවිය
ලියැවිය නොහැක
මේ අකුරින්

මළ අකුරු මෘත දේහ
මළගම් ගියේ
උල්පත් පෑනෙනි

ඔබ ද කවියෙක්
නොම වේය  අනෙක් සරණක්
නොකියවනු මෙ'කවත්

මම කියෙව්වෙමි මෙ'කව
නොලියුවෙමි මෙ'කව
නොකියවා ඔබ මෙ'කව

කියවන්න ඔබ කවිය

5 comments:

  1. මෙ කව මෙතැනින් අරඹනු...!!!

    ReplyDelete
    Replies
    1. එහෙමයි... තෙත් වැසිවැ නේද වැසි දැරිය සරන්නේ

      Delete
    2. ඔබ තුමියගෙන් අඩුවක් නම් නැහැ බඹර නිම්නයට

      Delete
  2. නොකියවා - කියවා ලියමි......පුත මේ ආර මට ප්‍රියය...

    ReplyDelete
    Replies
    1. ස්තුති නැන්දේ...ඇවිත් යන්න මේ පැත්තේ...

      Delete