කවිය පැහැර ගමි





රෝස කැකුළු හංසාවලි
අලංකාර කවි සමයෙන්
අහකට අරගමි

ළපටි නුඹේ හංස කැකුළු 
කවියට බර වැඩි

කවිය රැගෙන ළැම නිම්නේ
සෙමින් අතුරවමි

මෘදුව නිනද නාද නගන 
කවිය ඔබෙන් ගමි

අලංකාර කවි සමයෙන්
කවිය පැහැර ගමි





3 comments:

  1. හප්පේ ඉතිම්....
    හිහි
    ලස්සනයි ඈ

    ReplyDelete
  2. මොකෝ මහේෂ්....? ස්තුති....එන්නම් ඒ පැත්තේ

    ReplyDelete
  3. අහක් කරං කවි සමයෙන්
    වහං කරන් කවියන්ගෙන්
    ලියමි දිනට අකුර බැගින්
    නිම නොකරමි කවිය ලොබින්

    ReplyDelete