ෆීලීනා - තුෂාර ගනේගොඩගේ තුරුණු ගීතය.

        
 
   

     ප්‍රේමනීය ආවේග අතට හසු කර ගත හැකි ගීත දුලබ ය. ආදරය විඳීම හා කලාව විඳීම අතර ඇත්තේ සමීප සම්බන්ධයක් ය. ප්‍රේමයත් කලාවත් මගින් ඇති කරන ආවේග අනිර්වචනීය ය. එහෙත් එය මට දැනුනු බවත් එය ඔබටත් දැනෙනු ඇති බවත් රසිකයෙකුට කිව හැකි ය. තුෂාර ගනේගොඩගේ තුරුණු ගේය පද රචකයාගේ පළමු ගීයට සටහනක් තැබීම යුතුකමක් නොව ඔහු අපට උපයා දුන් රසිකත්වයට සාධාරණයක් කිරීම ය. ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ප්‍රතිභාව අත්කරගත් ඔහුගේ රසිකත්වය ගීතය වෙතට පැමිණීම මට බෝ සතුටු ය.
     ෆීලීනා ගීය විරහව ආවේගයක් සේ ගෙන මුදාහරින ගීයකි. විරාජ් භාතියගේ ගායනය හා මෙම ගීයේ සංගීතය ගැන සගිති බස ගැන දන්නෙකු ගැන කිව යුත්තක් ය. එහෙත් එම සංගීතයත් ගායනයත් මෙමා රසෝඝයෙහි හෙළු බව කියනු කැමති ය.  පදත් හඬත් සංගීතයත් එකිනෙක නොගැටෙන සමෝධානය අගනේ ය.
    මා තවමත ෆිලීනා කව්දැයි කියා දන්නේ නැත. එහෙත් සෑම කෙනෙකුට ම ෆිලීනා වැනි ආදර පුරාණයක් ඉන්නවා නොවේ ද? ඇතැමෙකුට ඒ ෆිලීනා සමඟ ම තුරුළුව මෙම ගීය අසන්නට හැකි ය. ආදරය විඳින පෙම්වතුන් ද එම ආලයේ විරහා ශෝකය ගෙන තැවෙයි. හිමි වූ ආදර කතාවේත් අහිමි ආදරයේත් ශෝක ගීතය අශෝකයක් සේ ගලා යයි.
තුෂාර ගනේගොඩ තුරුණු ගේය පද රචකයට මම සුබ පතමි. සවසක කෝපි උගුරක් බොමින් මේ ගීය මා අසමි.

3 comments:

  1. ලස්සන අදහසක් සර්.

    ReplyDelete
  2. ගීතය අහපු නැති මම ගීතය හොයලා ඇහුවා..ඒ තරම් උත්තේජනයක් මේ ඔස්සේ ලැබුවා. ස්තූතියි සර්

    ReplyDelete