කන්ද මං ඉන්නවා තනියම
බේරිලා අහසට
යනවා ද ඔයා මීදුම
මගේ ලස්සන සුදු කෙල්ල
දරා උහුලා මේ බර
කන්ද මං ඉන්නවා තනියෙම
ගඟ ගලන්නේ මා මත
වැසි වසින්නේ මා මත
මල් පිපෙන්නේ මා මත
ඔබ පවා
ළං වෙලා
ගුළි වෙවී
පැටලැවී
හිටියේ
මා ළඟ
බේරිලා අහසට
යනවාද ඔයා මීදුම
සුදෝ සුදු මීදුම
ගස් අතරින් නෙරි අතරින් හෙළි මැද්දෙන්
ටිකෙන් ටික ඇදෙයි අහසට
දැනෙනව ද ඔබට නිදහස
මගෙන් ගිලිහී
මගෙන් දුර වී
මා දකින විට
බොහෝ පෙම්වතුන් පවසාවි
හිතුනොතින් එන්නැයි නොවරදවාම
මම කිසිත් නොකියමි
ඒකයි වෙනස මා ළඟ
දරා උහුළා ගැනුමයි පුරුදු
කන්දක් වගේ කන්දක්නෙ මම
ඔබ ද මා රන් හංස ධේනුව
අවකාශ ජලාශේ රඟපාන විලාසේ
නබෝ ගැබ පිපි පිච්ච සිනාසේ
ඔබ පාවි සිනාසේ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment