ඇයට ලියූ කවි



සොඳුර මම කවි ලියමි ඔබ නමට පුද ලබන
එවන් මල් කුසුම් වූ පිබිදුනේ ඔබ නමට
විරහ ගීයක් වුවත් ලියවේය නිසැකවම
ඔබ සිටිද්දිත් මගේ ළයට තුරුළුව නිදන

අපි අපේ ප්‍රේමයෙහි දිග්විජය ලැබුවේය
එහෙත් ලෝ පෙම් පුවත් සොඳුරු නැත කිසි විටක
අපට හැකි වෙයිද විඳිනට තනියෙන්ම
උන් එහෙම දුක් අරන් වැලපෙද්දි ඉකි නැතිව

ඔබේ එක වේදනාවක් දෙන්න මට සුන්දරිය
ඒ වේදනාවෙන් කවි මුතු ය බිහි කෙරෙන
විරහ දුක් නැගෙන්නේ පෙම්වතුන් හමුවකය
අපි අතර ආදරය විරහවේ මුතු ඵලය

අප අතර අාලය ලෝකයට බෙදිය යුතු
නොමිනිසුන් මල් බවට පත් කරන් ගිය යුතු
මැරුනොතින් ඒ මඟදි හෙල්ලිලා ලේ කඳුළු
ප්‍රේමයේ හිස ඔටුනු අප සතුය සිත රැඳුනු

No comments:

Post a Comment