ධ්වනි



සොඳුර මම සංගීතය වෙමි
මිමිනීය ඒ සුළඟ
උණ පත් තත් වන්නාහ
සෙමින් මම එය පිරිමදමි
කන්කළු හඬ ම පතුරා
ගීතයක් වන්නීය

ඒ නිම්න හඬ
මගේ වෘන්දය ය
ඔම් කාරයක් සේ
ධ්වනි නගන්නාහ

ඒ සද්ධන්තයෝ ඇත් ගොමුවය
සිය කුම්බස්තල ඔසොවා
හොඬවැල නගා
කුංචනාද වන්නාහ
එයම තූර්ය වන්නාහ

කුඩා දඩුවැල් මැසි තෙම
සිය තුඩ
නිදිකුම්බ මල බිඳ
පැණි පැහැර ගද්දී
තටු නගන හඬ
හොරණෑ ය

ළ ඇත්තෙකුගේ අවදිවන
රසායන රසිකය
භාව ප්‍රතිභා ලාය
සවන් හා එක්ව යන
කරලියේ සගිති කිතිය ය

ප්‍රිය කිවිඳ මෙම ගීය
සුරැක හෙමිහිට නිසැකව
තබනු මැන සවන සවනත
බස කිමිඳ සුරැකව

No comments:

Post a Comment