එළිය


පිල්කඩේ හාන්සිව සිටිමි
එළිය අරගෙන අඳුර
ඔබ එන්න

ඇස කියන්නෙම ලෝකයක් අඳ කළ වස්තුවක්
නොදල්වාලමි
මේ හැන්දෑව දැල්වෙන්න පහනක්
අඳුර ලෝකයට කළුවර පහනක්
බොහෝ දේ පෙනෙන්නට පටන් ගන්නා මොහොතක්
එකෙකුට එකෙක් නොපෙනෙන
මරු වලවල්වලම වට්ටන
ඉර එක්ක ආපු අඳුරක්

ඉර එලිය සඳ පහන හා ගෙදර රෑ පහන
කවියකදී නිතරෝම උසුරුවන මිණි පහන
ඒ සියලු එළිය ගෙන අඳුර හා හාදවන
මට මගේ ලෝකය ම අඳ කරන උපාය ය

ඍජුව මා මේ කවිය ලිවිය යුතු කරුණක් ය
වටේ ගොස් රවට්ටා මේ බොරුව තව බැරිය
වක්‍ර කවි මාර්ගය මේ මොහොත අසරණය
ඍජු ව මා ඉර එළිය තවත් එළි හළ යුතු ය

මිතුර ඔබ මේ කවිය තවත් කියවනු පිණිස
දෑස හෝ එළි පෙහෙළි කරගෙනය උදව්වට
පිල්කඩේ හාන්සිව නොදල්වා කිසි එළිය
හැන්දෑව හා සමඟ අඳුර පැමිණිය යුතු ය

No comments:

Post a Comment