බලු නගුට



ඉතා ඉක්මන් ගමන් යන අතර

ඇස් කොනින් ඇද

මා ලගට ගත් මල

පහත්ව නැමී

බැලීමි අතගා



නුඹට වෙන්න ඕනෑ

බලු නගුට යයි කියන්නේ



මීට පෙර එක් දිනක

මහා කවියෙකු නුඹට ලියු

එක්තරා සංක්ෂිප්ත කවියක්

නුඹ සමග කුණු බක්කියට ගිලිහුණි

මහද රිදවා


ඉන් පසු මමද

අරන් පෑනක් නුඹේ හැඩවැඩ

දමා කවියක් ලියන්නට

තැනුවත් නොහැකි විය

නුඹේ නම ඇසු විගසෙම

රසය කීතුව යාය හැමවිට


නම් තබන දින

පයෙන් කිසිවෙකුගේ නළලට

දුනී නම් පහරක්

ඉතා සසොබන නමක්

නුඹටත් හිමි බව දනිද?


ඈත සිට පියඹා

නුඹ වෙතට එන සමනලුන් වෙත

පුදන ආදර බැල්ම

නොමැඩ පයෙන් කිසිවිට

ඇති නම් රොනක් මා ළඟ

ගෙනයන්න කියනා නුඹ

බලු නගුට වූ සැටි


****


තරුණ කවියාණෙනි

ලෝකයා

නම් තැබූ යම් දෙයක්

එතැනකින් අවසන්

වේය සැනෙකින්

නම් නොකළ ධාතුවක්

වන එකයි අගේ නම්


10 comments:

  1. නම් තබන දින
    පයෙන් කිසිවෙකුගේ නළලට
    දුනී නම් පහරක්
    ඉතා සසොබන නමක්
    නුඹටත් හිමි බව දනිද?

    ඈත සිට පියඹා
    නුඹ වෙතට එන සමනලුන් වෙත
    පුදන ආදර බැල්ම
    නොමැඩ පයෙන් කිසිවිට
    ඇති නම් රොනක් මා ළඟ
    ගෙනයන්න කියනා නුඹ
    බලු නගුට වූ සැටි

    සුන්දර ම කවියක්....!!

    ReplyDelete
  2. ස්තුති වැසි දැරිය......ඒක හරිම මීවන හැදෙන හරියක ඉන්න කෙල්ලෙක් ගැන කියවෙන නමක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්නේ.. කෙළින්ම වැසි වනාන්තරයක්....!!

      Delete
    2. මීදුම එහෙමත් හරියට ඇති නේද.....

      Delete
  3. අපූරු කවියක් ඇත්තටම ලස්සනයි....
    මේකෙ තේරුම ගැන හිතපුවාම මටදැනුනෙ දුවක් ඉන්න තාත්ත කෙනෙක් කියන කවියක් විදියට..
    හරිද මංද

    ReplyDelete
  4. මහේෂ් ඔබට ස්තුති,,,,මම ආයෙත් මේක කියවලා බැලුව එහෙම කිව්වම.ඒ ඔබ විඳින හැටි..අපි වෙනස් වෙනස් විදියට දේවල් දකින එක සාමාන්‍යයි...එන්න නිතර මේ පැත්තේ...

    ReplyDelete
  5. ලස්සනයි බන්, සැඟවුණු අරුත් බෝමයි, ජය වේවා.

    ReplyDelete
  6. ඉතිං සොමි....මම බ්ලොග් වලට නම් අලුත්.....ස්තුති මචං......ජය වේවා......

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අති සොඳුරු කවියක් !!!

    ReplyDelete