සරල සුන්දර අයියනායක







කැකුළු ඇතිදැයි නොවිමසා තුරග පිපෙනා අයියනායක 

නියපිටින් සිඳ ළපටි දලුවක් එහිම රඳවමි අයියනායක 

රන් දෙවොල් මන්දිරේ නොරැඳී විසිර වඩිනා අයියනායක 

කතරගම සුර සමන් අභිබයි සරල සුන්දර අයියනායක



කොටියා තනියා පිඹුරු මංකඩ මංමුළා වැල් බේරමින් 

වනන්තරයක තනි මගක් නොව නියම ආරෙන් පැමිණෙමින් 

සොයා නව මං යන්න කීවා ලැබෙන ඇරඹුමෙ පිහිටමින් 

නෑ කමක් නොව අපිම කොටසකි කැලෑ හදවත මව් වෙමින්


අයියනායක දෙය්යෝ වැඩ සිටි තුරුපතුත් ඔය පේවෙලා

වසන්තෙම හැඩ අරං එන්නැති දසන්තෙම මල් පුබුදලා 

යන්න කියනවා පඬුරු අරගෙන මහ දෙවිඳ ඔබ නික්මිලා 

මගේ වැඩිහිටි අයියනායක සරල ගැමියෙකි වන්නිලෑ

No comments:

Post a Comment