වරා මල ආරම්මණය කිමැයි....?









වරා මල
සහෝදර
පොදියෙන් බැහැරිව
ලිහාගෙන සළුව
පැටලුම් අතහැර
විහිදාය සේලය


දහස් අතින්
අල්ලාගෙන හුළඟ
ලබන්නට නිදහස
විඳින්නට නිදහස


ඉඳින් ඔබෙ ගමන
හුළඟ එක්කයි
රළු
පරළු
වේගවත්
මද
පවන්
ලැසි
නොපෙනෙනා
හුළඟ එක්කයි


හුළඟ ඔබදැයි
විටෙක  මට සිතෙයි
බිජුවටත් එල්ලන්
යන ගමන
රැගෙන යන බිජුවට
බර නැද්ද ?
එහි පැතුම
සරලද?


මග
නොමග
පහදද්දි
සුළගේ තැවුල්
කියනවද ඔබ එක්ක
අසාගෙන සියක් සවනින්
සැනසිය හැකිද
ඔය හුළඟ
දැනෙයි මට
ඉවසීම


ගුලිව ඉපදුනු
කල් බලා
ඉගිලුණු
යනෙන අතරමග
මරුකතර
හෙල් වැටිය
තුරු ගොමුව
විහඟ තුඩ
මගහැර
නිම කරන්නට
ඔය ගමන


දුහුල් මල
ආරම්මණය කිමැයි?
සැකයි මට ඔය හුළඟ

No comments:

Post a Comment