වාසෝ සමන්ත ගිරි මුද්ද දිව්‍ය රාජා




මිත්‍රයාණෙනි සමන්
ඔබ දනු ද
ඔවුන් ගැන?

තුරු දලු අග සිනා හඬ
මිනිසුන් සමගමය ගමන
නැත හෙතෙම නැවතුම
දේදුන්නේ මිනිසා පරාක්‍රම

කම්පිත හිතකි ධර්මසිරි
තලමලකි ඉහළත නැගුනු
තුගු විසල් සුවිසල්
මිනිස් මහිමය

නව කවියේ නව අරුත
භාවයේ මහ ගැඹුර
ඍෂි කවකි මුනිවර
දනු මිතුර සුමින්ද

මව් ගුණෙන් සිහිළල
මස් ඉඹුලහි තරුණ
අරටු සිහිළෙහි සඳුන
යොවුන් සිත පෙරටුව

වාසේ සමන්ත ගිරි මුදුන
ඔබ දණුද සබරගමු කවි සිරිත

වෑහෙන්නේ උන්ගෙන්
තෙත තෙත තෙත ම තෙත
අලුත් හදවත් දියත
සොලවනා පපු හඬකි

සමන් ඔබ පොදු මිනිසාණෙනි
පිළිගත යුතුය
නව භූමිය මෙදවස
දෙවියන්ට අකැපය
මිනිසුන්ටය උරුම

පොදු මිනිස් හඬ
ඇසේ එනමුත් ඔබෙන්

ඔබගේ හඬ මට උන්ගේ කවිවලිනි ඇසෙන්නේ
දේව හඬකින් මිනිස් වග වෙත
මිනිස් හඬකින් දේව කවියක

මේ බිමේ මේ කවිය
නවමු කවියකි හරිත නැහැවුන
තේ බිම් කෙරෙන් කඳු වළුලින්
දේදුනු සිසාරා පැතිරුණ

කිරි කෝඩු සිතකින්
සබරගමු කවි සිරිත
කියවමී
සබරගමු වැසි පිරිත
ඉසගමී

2 comments:

  1. වේදනාවෙන් උන් මොහොතක
    හිතට සිහිලිසින
    පිරිතක් බඳු ය
    මේ කව..!!

    ReplyDelete