Soul and soil with me
soil and soul
Soil of soul
Soul of soil
You are sing
Soil of soul
Soul of soil
Soil and soul
Yours smell
Yours heart
It is me
No no
Isn't me
If tiny breathing of soul
Are you hear?
It is me?
You are singing with everything's
You are singing with me
Please call to me
Come hear
Come hear
Bottom of the soul
Bottom of the soil
See your eyes
Soil
We are one heart
We are one man
The sun moon and man
The poet and reader
Selection
Soil
The poet and reader
Selection
Water
The poet and reader
Selection
Butterfly
.....
.....
.....
The man and man
Nothing
වාසෝ සමන්ත ගිරි මුද්ද දිව්‍ය රාජා
මිත්‍රයාණෙනි සමන්
ඔබ දනු ද
ඔවුන් ගැන?
තුරු දලු අග සිනා හඬ
මිනිසුන් සමගමය ගමන
නැත හෙතෙම නැවතුම
දේදුන්නේ මිනිසා පරාක්‍රම
කම්පිත හිතකි ධර්මසිරි
තලමලකි ඉහළත නැගුනු
තුගු විසල් සුවිසල්
මිනිස් මහිමය
නව කවියේ නව අරුත
භාවයේ මහ ගැඹුර
ඍෂි කවකි මුනිවර
දනු මිතුර සුමින්ද
මව් ගුණෙන් සිහිළල
මස් ඉඹුලහි තරුණ
අරටු සිහිළෙහි සඳුන
යොවුන් සිත පෙරටුව
වාසේ සමන්ත ගිරි මුදුන
ඔබ දණුද සබරගමු කවි සිරිත
වෑහෙන්නේ උන්ගෙන්
තෙත තෙත තෙත ම තෙත
අලුත් හදවත් දියත
සොලවනා පපු හඬකි
සමන් ඔබ පොදු මිනිසාණෙනි
පිළිගත යුතුය
නව භූමිය මෙදවස
දෙවියන්ට අකැපය
මිනිසුන්ටය උරුම
පොදු මිනිස් හඬ
ඇසේ එනමුත් ඔබෙන්
ඔබගේ හඬ මට උන්ගේ කවිවලිනි ඇසෙන්නේ
දේව හඬකින් මිනිස් වග වෙත
මිනිස් හඬකින් දේව කවියක
මේ බිමේ මේ කවිය
නවමු කවියකි හරිත නැහැවුන
තේ බිම් කෙරෙන් කඳු වළුලින්
දේදුනු සිසාරා පැතිරුණ
කිරි කෝඩු සිතකින්
සබරගමු කවි සිරිත
කියවමී
සබරගමු වැසි පිරිත
ඉසගමී
මගේ ගම ඔබේ ගම නොවේ....
ඔබ දන්නවද ? මේ මොහොතේ මගේ ගම. ඒ හුළඟ. වැවයි දාගැබයි ගමයි පන්සලයි නොවේ එය. ලංකාවේ කොහෙවත් මා දැක නැති වෙනස් කාලගුණයක් ඒ. තෙත් වැසි වනාන්තරයක් වූ නමුත් හොඳින් ඉර පායන කාලගුණයකි ඒ. සිරීපාදය දිහාවට හරිත කඳු වැටි පිහිටන මේ ආධ්‍යාත්මික පොළොව ගැන කෙසේ කියන්නද මම....
බාල සඳ සෞම්‍ය වෙව
"ඒ පර්වතයෝ
සන්සුන් කළහ මා
දුටුවෙමි
රුක්ඛ මූලයෙහි මිණි පලඟෙහි සිට
අභිනීල ආකාසේ වැඩ සිටි
බාලචන්ද්‍ර "*
ප්‍රභා තෙමේ
සන්ධ්‍යා භාගයේ
කලපු අද්දර
බැස යන හිරු දෙසද
නඟනා රළ දෙසද
අනිමිසව බලා සිට
මන්ද්‍ර සුළඟ
කිරල ගොල්ල
හීනියට කිතිකවද්දී
කුඩා අනුකුඩා රළ පැමිණ
දෙපා දෝවද්දී
හෙතෙම
කියන්නට වන්නේය
පුත බාලචන්ද්‍ර
එදා සන්ධ්‍යා භාගයේ
මගේ සිරුරින් ගොඩනැගුණි මා
මගේ හිස මගේ උකුලට ගෙන
මගේ දෑස දෙස මම ම බැලුවෙමි
නොකියමි කිසිත් කිසිවක්
අපි අපි ම ගැන
බාල සඳ නැගෙනුව
අවිහිංසාව පෙරටුව
*පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳුන්ගේ කාව්‍ය ඛණ්ඩයකි.
කවිය පැහැර ගමි
රෝස කැකුළු හංසාවලි
අලංකාර කවි සමයෙන්
අහකට අරගමි
ළපටි නුඹේ හංස කැකුළු
කවියට බර වැඩි
කවිය රැගෙන ළැම නිම්නේ
සෙමින් අතුරවමි
මෘදුව නිනද නාද නගන
කවිය ඔබෙන් ගමි
අලංකාර කවි සමයෙන්
කවිය පැහැර ගමි
ජීවාංකුර
ඍෂිවරව පෙම් කරන
ප්‍රේමය ආරම්මණා වන
ප්‍රේම් නම් ඍෂි වෙමි
ජීවාංකුර වන
සත්‍ය සොයනා
හරිත වන ලියෙහි ගැලි ගැලි
භාවනාවෙන් නොමිද ඉමි
තෙක්ල්හී සිටිමි ඇලි ඇලි
පෙම් දැහන්හී ගිලී සැලි සැලි
ඍෂියැ මේ තෙම
දනෝ තුඩ තුඩග රඳවති
එකල්හිම
මායාව වී
මායාව දැක
මායාව මැඩ
ඉන්ද්‍රජාලය පසක් කරගෙන
සැනින අත්හැර දමමි
....නොපැකිල
දෙපා තියමින් සරන විට බිම
මා වටා දිය'ඟලකි සිහිලළ
සුළං රැල්ලක් සේම එන්නැයි
නේත්‍ර වරයකි තුරුල කැන්දන
දෙතනගල කඳු සරා මුදුනත
ගලා හැලෙනා විරාගී සිත
දරා උහුලා නොගෙන හසපට
මා සලනවද..? මා සලනවද,,.?
අමාවක රැය
අඳුර හිරු කර
නවමු ලොවකදි
ළපල්ලක මල් යහන මඩිමින්
පසක් කෙරුවෙමු
ලෝක සත්‍ය
සොඳුර
ලෝ ධාතුවේ
නැවුම් කල්පය ජීවාංකුර වන
ආහ්ලාදය ඔබ
ඔබ මෙමට බෝසත්
පැරද සිය වෙණ වැයුම තත් බිදී දුක්බරව
සැඩ පරුස බස් වෙතින් පලා යන මූසිලට
කතාකර ගුත්තිල හවස්කර වන මැදට
නොදුන් ශිල්පය ගන්න එන්න අද හවස්කර
රජුන් වෙත කරන මෙහෙ නුඹට බැහැ මට දෙන්න
මම විඳපු ඒ දුකින් ඇවසි පුත මුදවන්න
මේ වනය තුළ නුඹට දෙමි ඉතින් අවසන්ම
මා පවා වයා නැති මෘදු වැයුම් ඉසියුම්ම
වැයුම් පමණද පුත සුසර කර වීනාව
නිසි පමණ තද කොට බුරුලේද පමණට
නිපුන ශිල්පය හදින් සොයාගෙන රමණීය
අහස් තල හිස්කමේ ගැඹුරු නිල කැඳවන්න
තිබෙයි පුත යම් තතක තියුණු රාවයෙ ගැඹුර
පිරිමැදුම ඉවසවා ගත නොහැකි හඬ පරම
තියුණු කඩු කිනිස්සෙන් හදට ඇන පාරවන
හදවතින් වෙන් නොකර සුරත පාවී වැයෙන
ඉතින් පුත කමටහන ගෙන යන්න වනමැදට
තරු පිරුණු වේදිකා නොකැඳවයි නිහඩ බව
හූ කියා කෑ ගසා මත් බඳුන් පෙරළගෙන
කුමන වෙණ වැයුම් වෙද මාලිගේ මගුල්වල
සතුරු කවියෙකු සිටී මට
සතුරු කවියෙකු සිටී මට
මුනිවරෙක් සේ නිස්සද්ද
මර උගුල් අටවන
නමුත් නිහඩව කවි ලියන
කවියෙක්නෙ, සතුරෙකු උනත් මට
උවමනා නැහැ
සතුරු කවියෙකු තවත් මට
ඉඩෝරෙන් මා පෙළන
නැවත තෙත් වැසිව, ඉහිරෙන
අසිපතින් හද සිඳින
කිනිස්සෙන් ඉරි අඳින
කවියෙකු හිදී
මා තුළම
සතුරු කවියෙකි මා තුලම
තෙවැනි ලොව යුධවදින
නුතනම අවි දරන
ඔහු මඩින
කවි දරමි රස හඬන
තනි තනිව මා විඳින
කවි දරමි රස හඬන
Subscribe to:
Posts (Atom)








.jpg)






