Showing posts with label කවි කළල. Show all posts
Showing posts with label කවි කළල. Show all posts

ඊයේ රෑ වැස්සමයි මම ආස උදේට.....

                 
                                මගේ බඹර නිම්නය මම දකින විදියට කවුරුවත් නොදකීම මගේ වාසනාව.මම විඳින විඳීම මටම වෙන්කරගන්න තරම් ආත්මාර්ථකාමියෙක් මම.
                  අවාසනාව ඒ සොභාව විදගන්න කව්රුවත් සුදානම් නැහැ.හැමෝම තම තමන්ගේ රාජකාරි ගෙවල්වලට වැදිලා.ළමයින්ට පන්ති.ඉස්කෝල .අම්මලාට තාත්තලාට තේ වතු.ටිකක් නැවතිලා ගහ වැලට ඇහැ පොවලා බලන්න වෙලාවක් නැහැ...
එදා ඉරිමාව මාව ඇහැරවන්න ඇති.ඒත් ඉර ඇඳට වැටුනම නැගිටින්නයි මම කැමති. අවාසනාවට ඇහැරෙන්න සිද්ද උනා ඉරිමාව කියන මොහොතේදී. ඒ තරමින්ම නින්දත් විඳින කම්මැලියෙක් මම.එදා ඊට කලින් ඇහැරෙන්න උනා.    ඉරිමා  උදයකයි මම දැක්කේ.
                                ඒ සෞන්දර්ය.....
රෑ වැස්සෙන් ගගෙන් එගොඩ කඳු දෙක හේදිලා.මම ඉන්නෙත් එක කන්දක මුදුනේ.අපේ මේ එගොඩ මෙගොඩ කඳු දෙක අතරින් ගලා යන්නේ බඹර ගඟ.කොහොමින් කොහොම හරි ඉස්සරහ කඳු දෙකම හෝදලා දමලා මහ රෑ...
                කහට කියාගෙන කුස්සියට දුවන එක පුරුද්ද.ළමෙක්ට මවුකිරි වගේ බඹරාට කහට.කහට කෝප්පෙත් බොන ගමන්  බිම ඉඳගත්තා.
                           
                              තද නිලක් අරක්ගෙන තිබ්බේ අහස.තවම ඉර රැස් ආවට කොන්ඩගල කන්දෙන් එතුමා මතුවෙලා තිබ්බේ නැහැ.කන්දත් නිලකින් වැහිලා.අහසෙ නිලත් කන්දෙ නිලත් එකට එක හැපෙන මුණගැහෙන කැපෙන රේකාව මගේ අලුත් කවිය වෙන බව එවලේ හිතුනා.....දැනුණා.

                         බලමු ඒ මොහොත කවියක් වෙයිද කියා ....