බාල සඳ සෞම්‍ය වෙව


 

"ඒ පර්වතයෝ
   සන්සුන් කළහ මා
   දුටුවෙමි
   රුක්ඛ මූලයෙහි මිණි පලඟෙහි සිට
   අභිනීල ආකාසේ වැඩ සිටි
   බාලචන්ද්‍ර "*

ප්‍රභා තෙමේ
සන්ධ්‍යා භාගයේ
කලපු අද්දර
බැස යන හිරු දෙසද
නඟනා රළ දෙසද
අනිමිසව බලා සිට

මන්ද්‍ර සුළඟ
කිරල ගොල්ල
හීනියට කිතිකවද්දී
කුඩා අනුකුඩා රළ පැමිණ
දෙපා දෝවද්දී
හෙතෙම
කියන්නට වන්නේය

පුත බාලචන්ද්‍ර
එදා සන්ධ්‍යා භාගයේ
මගේ සිරුරින් ගොඩනැගුණි මා

මගේ හිස මගේ උකුලට ගෙන
මගේ දෑස දෙස මම ම බැලුවෙමි

නොකියමි කිසිත් කිසිවක්
අපි අපි ම ගැන

බාල සඳ නැගෙනුව
අවිහිංසාව පෙරටුව

*පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳුන්ගේ කාව්‍ය ඛණ්ඩයකි.