බලු නගුට



ඉතා ඉක්මන් ගමන් යන අතර

ඇස් කොනින් ඇද

මා ලගට ගත් මල

පහත්ව නැමී

බැලීමි අතගා



නුඹට වෙන්න ඕනෑ

බලු නගුට යයි කියන්නේ



මීට පෙර එක් දිනක

මහා කවියෙකු නුඹට ලියු

එක්තරා සංක්ෂිප්ත කවියක්

නුඹ සමග කුණු බක්කියට ගිලිහුණි

මහද රිදවා


ඉන් පසු මමද

අරන් පෑනක් නුඹේ හැඩවැඩ

දමා කවියක් ලියන්නට

තැනුවත් නොහැකි විය

නුඹේ නම ඇසු විගසෙම

රසය කීතුව යාය හැමවිට


නම් තබන දින

පයෙන් කිසිවෙකුගේ නළලට

දුනී නම් පහරක්

ඉතා සසොබන නමක්

නුඹටත් හිමි බව දනිද?


ඈත සිට පියඹා

නුඹ වෙතට එන සමනලුන් වෙත

පුදන ආදර බැල්ම

නොමැඩ පයෙන් කිසිවිට

ඇති නම් රොනක් මා ළඟ

ගෙනයන්න කියනා නුඹ

බලු නගුට වූ සැටි


****


තරුණ කවියාණෙනි

ලෝකයා

නම් තැබූ යම් දෙයක්

එතැනකින් අවසන්

වේය සැනෙකින්

නම් නොකළ ධාතුවක්

වන එකයි අගේ නම්


සරල සුන්දර අයියනායක







කැකුළු ඇතිදැයි නොවිමසා තුරග පිපෙනා අයියනායක 

නියපිටින් සිඳ ළපටි දලුවක් එහිම රඳවමි අයියනායක 

රන් දෙවොල් මන්දිරේ නොරැඳී විසිර වඩිනා අයියනායක 

කතරගම සුර සමන් අභිබයි සරල සුන්දර අයියනායක



කොටියා තනියා පිඹුරු මංකඩ මංමුළා වැල් බේරමින් 

වනන්තරයක තනි මගක් නොව නියම ආරෙන් පැමිණෙමින් 

සොයා නව මං යන්න කීවා ලැබෙන ඇරඹුමෙ පිහිටමින් 

නෑ කමක් නොව අපිම කොටසකි කැලෑ හදවත මව් වෙමින්


අයියනායක දෙය්යෝ වැඩ සිටි තුරුපතුත් ඔය පේවෙලා

වසන්තෙම හැඩ අරං එන්නැති දසන්තෙම මල් පුබුදලා 

යන්න කියනවා පඬුරු අරගෙන මහ දෙවිඳ ඔබ නික්මිලා 

මගේ වැඩිහිටි අයියනායක සරල ගැමියෙකි වන්නිලෑ

වරා මල ආරම්මණය කිමැයි....?









වරා මල
සහෝදර
පොදියෙන් බැහැරිව
ලිහාගෙන සළුව
පැටලුම් අතහැර
විහිදාය සේලය


දහස් අතින්
අල්ලාගෙන හුළඟ
ලබන්නට නිදහස
විඳින්නට නිදහස


ඉඳින් ඔබෙ ගමන
හුළඟ එක්කයි
රළු
පරළු
වේගවත්
මද
පවන්
ලැසි
නොපෙනෙනා
හුළඟ එක්කයි


හුළඟ ඔබදැයි
විටෙක  මට සිතෙයි
බිජුවටත් එල්ලන්
යන ගමන
රැගෙන යන බිජුවට
බර නැද්ද ?
එහි පැතුම
සරලද?


මග
නොමග
පහදද්දි
සුළගේ තැවුල්
කියනවද ඔබ එක්ක
අසාගෙන සියක් සවනින්
සැනසිය හැකිද
ඔය හුළඟ
දැනෙයි මට
ඉවසීම


ගුලිව ඉපදුනු
කල් බලා
ඉගිලුණු
යනෙන අතරමග
මරුකතර
හෙල් වැටිය
තුරු ගොමුව
විහඟ තුඩ
මගහැර
නිම කරන්නට
ඔය ගමන


දුහුල් මල
ආරම්මණය කිමැයි?
සැකයි මට ඔය හුළඟ